Saturday 7th of March 2026

English Tamil
Advertiesment


ලංකා සම සමාජ පක්ෂයට වසර 90ක් - කුණාටුවකට හසුවූ දේශපාලනයේ අලුත් පරම්පරාවේ නායකත්වය


2026-03-05 1245

 

1935 දෙසැම්බර් 24වෙන දින ආරම්භ කරන ලද ලංකා සම සමාජ පක්ෂයට වසර 90ක්‌ ගතවී ඇත. ලංකා ඉතිහාසයේ පළමු දේශපාලන පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂය ලංකාවේ 1935/1953/1956/1970/1972 හා 2005-2015දක්වා ස්වර්ණමය අවස්ථා පසු කරමින් දුක් විදින පීඩිත පන්තිය වෙනුවෙන් දැවැන්ත කාර්‍යයක් ඉටු කර ඇත.

මෙහිදී 1933 ආරම්භ කෙරුණු සුරිය මල් ව්‍යාපාරය සම සමාජ පක්ෂයේ නිර්මාණයට මුලික පදනම සැකසුනි. මෙහි විශේෂත්වය වන්නේ සුරිය මලෙන් උපන් කුමාරයා යනුවෙන් ආචාර්ය ඇන් ඇම් පෙරේරා සහෝදරයා තරුණ නායකයෙකු ලෙස මෙහි කටයුතු කිරීමත් සම සමාජ පක්ෂයේ ආරම්භක නායකයා ලෙස ඇන් ඇම් තරුණයෙකු ලෙස ඉතිහාස ගත විය.  එයින් වසර 90වකට පසු වර්ථමානයේ සුරිය මල් ව්‍යාපාරයේ ලේකම් ලෙස මහාචාර්ය තිස්ස විතාරණ සහෝදරයාගේ ආශීර්වාදය ඇතිව තරුණ සහෝදරයෙකු ලෙස රවින්ද්‍ර ප්‍රදීප් කුලසේන සහෝදරයා පත්කර තිබීමත් 2026පෙබරවාරි 13වන දින තෙක් වසර 20කට ආසන්න කාලයක් ප්‍රධාන ලේකම් ධුරය හා නායකත්වය දරමින් සිටි මහාචාර්ය තිස්ස විතාරණ සහෝදරයාගෙන් පුරප්පාඩු වූ ලේකම් ධුරයට තරුයෙකු ලෙස රවින්ද්‍ර සහෝදරයා පත්වීම් සුවිශේෂී අවස්ථාවකි.

රවින්ද්‍ර ප්‍රදීප් සහෝදරයා 2010-2011 යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කලා අතර කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. මහචාර්ය තිස්ස විතාරණ සහෝදරයා විද්‍යා හා තාක්ෂණ කැබිනට් අමාත්‍යංශය හා උතුරු මැද පළාත් ආණ්ඩුකාර වරයාව සිටි අවදියෙත් අවසන් වරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරනතාක් පුද්ගලික ලේකම් ලෙස කටයුතු කර ඇති රවින්ද්‍ර සහෝදරයා වසර 20ක්‌ පමණ සම සමාජ පාක්ෂිකයෙකු ලෙසත් මධ්‍යම කාරක සභීකයෙකු ලෙසත් අවසන් වශයෙන් ලංකා සම සමාජ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ලෙසත් ධුරය දරමින් සිටින අවස්ථවේ පක්ෂයේ ජේෂ්ඨ සහෝදරයාන්ගේ ආශීර්වාදය මැද නව ප්‍රධාන ලේකම් ලෙස තේරී පත්විය.

 

 

අලුත් පරම්පරාව වෙනුවෙන් ලංකා ඉතිහාසයේ පළමු දේශපාලන පක්ෂය මෙන්ම පිළිගත් දේශපාලන පක්ෂයක මෙවැනි තනතුරක් ලද පළමු ලාබාලතම තරුණයා ලෙස ඇන්. ඇම් ගෙන් පසු පත් වීම සුවිශේෂී වේ.

Advertiesment